Sunday, July 3, 2011

පෙඟුණු පොල් අතු






බා සන්දියේ

දැකපු සිහිනයේ

සුවඳ විඳි අතීතේ

මතකනැතිදෝ පෙඟුණු පොල් අතු

වියන්නට පෙර වේලුණා

පොල්වලේ පල්

දුඟඳ හමනා

පවන එන විට

අතීතේ

දැනුනු කටුකය

දවයි මා සිත

අපමණින්

තැළුණු පොල් ලෙලි

පදම් වූ සැටි

දනී මා අත කරගැටී

නමමි හිස මා ලෙලි වලට

මං දෙ අත් සමගින්

හදවතින්

නගමි නාදය නලා ශබ්දය

පසුකරන ඒ වල ලඟින්

තබිමි පඬුරක් කොලු අතේ

මම

එදා මා එය ලද ලෙසින්

නැගුණි කඳුලක්

පෙඟුණු පොල් අතු

වලෙන් ගොඩ ආ ජීවිතේ

කියා දුන් ඒ පාඩමින් .....................................

1 comment:

  1. කටුක ජිව්තය ගැන සතුටු සටහනක්..දිගටම ලියන්න.. ඔබට ජය..:)

    ReplyDelete