බාල සන්දියේ
දැකපු සිහිනයේ
සුවඳ විඳි ඒ අතීතේ
මතකනැතිදෝ පෙඟුණු පොල් අතු
වියන්නට පෙර වේලුණා
පොල්වලේ පල්
දුඟඳ හමනා
පවන එන විට
ඒ අතීතේ
දැනුනු කටුකය
දවයි මා සිත
අපමණින්
තැළුණු පොල් ලෙලි
පදම් වූ සැටි
දනී මා අත කරගැටී
මං දෙ අත් සමගින්
හදවතින්
නගමි නාදය නලා ශබ්දය
පසුකරන ඒ වල ලඟින්
තබිමි පඬුරක් කොලු අතේ
මම
එදා මා එය ලද ලෙසින්
නැගුණි කඳුලක්
පෙඟුණු පොල් අතු
වලෙන් ගොඩ ආ ජීවිතේ
කියා දුන් ඒ පාඩමින් .....................................